October 16, 2019

තුන්දහස් වසරක යාඥාව


"In China we say 'Xiu hai shi ke tong zhou'" Mr. Shi says." It takes three hundred years of prayers to have the chance to cross a river with someone in the same boat."

"There is a reason for every relationship, that is what the saying means. Husband and wife, parents and children, friends and enemies, strangers you bump into in the street. It takes three thousand years of prayers to place your head side by side with your loved one's pillow."

-A Thousand Years of Good Prayers -Yiyun Li (page 192)

එකම යාත්‍රාවේ 
එතෙර වන්නට නදියක් 
තුන්සියක් වසරක් වත්    
යාඥා කළ බව අප 
පැහැදිලියි, නිසැකයි 

චණ්ඩ රළ කැළඹෙද්දී 
හැපි හැපී ගල් කුළු මත
සිහින දියබත් වනු දැක
දෑත් අල්ලා තරයේ 
දෙහද හඬ පමණක් 
අසා උන්නේ අපමයි

එයිනුදු නොනැවතී   
වසර දහසක් වත් 
යාතිකා කරනට ඇති
නික්මුණ ද යාත්‍රාවෙන්  
අත් අත්හරිනු නොහැකිව
තැවී දැවුනේ එනිසයි 

එහෙත්,
එක සිතින් එක වර  
යාඥා නොකළෙන් 
දිගු තුන්දහස් වසරක්   
වෙන්ව යන්නට යෙදුණයි 

ගැඹුරු නින්දකදී 
නුඹේ ඇසිපිය නිසලව 
වැතිරෙන අයුරු කොපුලත 
දකින්නට වරමක් නැති 
හේතුව එයයි, නියතයි 

දිගු තුන්දහස් වසරක් 
යාඥා නොකළෙන්
එක සිතින් එක වර
වෙන්ව යන්නට යෙදුණයි



photo - Linnaea Mallette, Public Domain Pictures

3 comments:

  1. ගමන හරි දුරයි...

    ReplyDelete
  2. ගාම්භීර ගුප්ත අදහසක් !

    ReplyDelete
  3. හොඳ අදහසක් එක්කම ලියමනක් . අනුරුද්ධ වැලිගමගේ ගේ අහ්සගව්වේ ඔත්තුවකින් ආවේ

    ReplyDelete