May 28, 2019

SBS රේඩියෝවේ සහස් පියවර පොත ගැන කතාබහ

ඕස්ට්‍රේලියාවේ SBS රේඩියෝව ලෝකයේ වැඩිම භාෂාමය විවිධත්වයක් සපයන රේඩියෝ ජාලයයි. එය භාෂා 70ක වැඩසටහන් අසන්නන් මිලියන තුනක් වෙත ගෙන යනවා. ඉතින් මේ මහා විශාල මාධ්‍ය ජාලයේ මටත් මගේ සහස් පියවර පොතටත් පුංචි ඉඩක් අද වෙන් වුණා. SBS සිංහල රේඩියෝ කණ්ඩායම මසකට වරක් පවත්වන සාහිත්‍ය සම්භාෂණ වැඩසටහනට සහභාගි වන්නට මට ලැබුණු ආරාධනාව මම පිළිගත්තේ බොහොමත්ම සතුටින්. මා වෙනුවෙන් මේ ඉඩකඩ වෙන්කළ SBS රේඩියෝ ජාලයේ වැඩසටහන් නිෂ්පාදිකා දිල්රුක්ෂි විජේසූරියටත් කතාබහට එක් වූ ප්‍රවීණ ලේඛක ජගත් ජේ. එදිරිසිංහ ටත් මගේ ස්තූතිය පිදෙනවා. 




No comments:

Post a Comment