June 02, 2017

හඳුනමි


මීදුමක අතැඟිලි විත්
වත පිරිමදින අරුණක
තුරුහිස් මතින් ඉහිරෙන, 
පත් රන් දියෙන් නහවන,
හිරු කෙඳිති දැක මත්වෙමි  
ඒ නුඹ ම බව හඳුනමි 

සීරුණු සිතක තැවුලෙන් 
කඳුළු ඉහිරුණු දවසක  
දිය කඩිත්තක ඉවුරක, 
කවියක් තියා නැවතුන,
මලක් දැක මඟ නවතිමි 
ඒ නුඹෙන් බව හඳුනමි

photo- misty morning in Melbourne




5 comments:

  1. ලස්සනයි මලී.

    ජයවේවා!!!

    ReplyDelete
  2. සිසිර, ගිම්හාන, සරත්, වසන්ත යනුවෙන් දේශ ගුණය අනුව කාලය බෙදා තිබුනත්. චමත්කාරය දැකිය හැකි කෙනකුට ඒ ඕනෑම කාලයකදී නව අදහස් පහළ වනු ඇත.

    ReplyDelete
  3. ඒක පට්ටයි <3 <3 <3

    ReplyDelete
  4. ස්තූතියි හැමෝටම! :)

    ReplyDelete