June 30, 2016

මිත්‍රත්වය




















“Not forever does the bulbul sing
In balmy shades of bowers,
Not forever lasts the spring
Nor ever blossom the flowers.
Not forever reigneth joy,
Sets the sun on days of bliss,
Friendships not forever last,
They know not life, who know not this.”


― Khushwant Singh, Train to Pakistan

දිනමිණ වසත් සුළඟ අතිරේකය 28/06/2016

June 25, 2016

Special days

සිරි සිරියේ ඇදහැලෙන
සිසිරයේ නිලි වැස්ස
දුර ඈත තුරු මුදුන්
පබළුවෙන් සරසාවී

අහස සේ අකීකරු
හීනයක් දෑස් හැර
විදුලියක එළිය දී
හදවතේ දෙදරාවී

ඉතින් මම මේකුළක්
අතරමං හිරු බිඳක්
නුඹේ කතා දහසකින්
ඉඳුදුන්න උපදීවී

දෑස තරයේ පියා
අඩ අඳුරේ නවතින්න
මා නොදුන් හාදුවක්
කොපුල මත සුපිපේවි






















Pic drawn with MS Paint



June 23, 2016

ලා ඉරෙන් ඉල්ලා | නීලා වික්‍රමසිංහ

 වසරේ පාසලේ වාණිජ උළෙල සංවිධානය කළේ අප ය. 'අප' නම් වූයේ අතලොස්සක් වූ කෙල්ලන් රංචුවකි. සුපුරුදු ලෙසට අනන්ත අප්‍රමාණ බාධා තිබිණි. අතන මෙතැන දුවමින්-අවම නිදහස, අවම අරමුදල් ඇතිව සිදු කළ මේ කටයුත්ත අතුරේ යාමකට සමාන විය. මේ වාණිජ උළෙලට අංග රැසක් ඇතුළත් වී තිබුණද, උත්සවයේ අවසාන අංගය ලෙස වාණිජ අංශයම එක් වී සමූහ ගීයක්ද ගැයිය යුතු යැයි යෝජනා වූයේ අහම්බෙනි. ඊට සූදානම් වීමට පවා කාල වේලාව මඳ වූවත් එම යෝජනාව එසැණින් සම්මත විය. මීට ගැලපෙන ගීයක් සොයාගෙන ඒමේ වගකීම එක් මිතුරියකට පැවරිණි. ඒ අනුව දිනක මධ්‍යහ්නක, ආර්ථික විද්‍යාව කාල පරිච්ජේදය කට්කර, අප ප්‍රධාන ශාලාවේ තිරයෙන් පසුපසට රැස් වුනෙමු. සී ඩී තැටි වෙනුවට කැසට් පට තිබුණු යුගයක,  කැසට් යන්ත්‍රයක් සහ කැසට් පටයක් අතින් ගෙන අප එනතුරු සිටියා ය.

මා මුල් වරට මේ ගීතය ඇසුවේ එදා, පාසැල් වේදිකාව මත, තද රත් පැහැ තිර වලින් වටවූ අඳුරු ඉඩකඩේ දී ය. තවත් දැරියන් රැසක් මා සමඟ එදා උන්නත් මට දැනුණේ ඒ ගීතය ගැයෙන්නේ මටම පමණක් බවයි. ඒ කුඩා ඉඩකඩේ දී මා හද පසා කරගෙන ගිය ඒ ගීය ඊට පෙර දී වත්, ඉන්පසුව ඊයේ පෙරේදා වනතුරුවත් කිසිදිනෙක මා සවන් වැකුණේ නැත. පළමු වරට ගීය ඇසෙද්දීත්, සැමගේ ඉල්ලීම පරිදි දෙවැනි තුන්වෙනි වර එය අසද්දීත්, දෑස් අග කඳුලක් නොනැඟුණු කෙනෙක් එතැන සිටියේ නැත. එදා අප ඒ ගීයේ පදවැල අකුරෙන් ලියාගත්තේ කැසට් පටය කිහිප වරක් වාදනය කරමින්-නතර කරමින් ය. ජායා පිටපත් ගැනීම බහුල නොවුණු එකල තමන්ගේ අත් අකුරින් තම තමන්ගේ පිටපත් ලියාගැනිණි. දහසක් වැඩ රාජකාරි මැද ගීය පාඩම් කර ගැනිණි.

වාණිජ දිනය එළැඹි නිමවිය. එදා උත්සවයේ අඩුපාඩු සිදුවිණි ද, අමුත්තන් සතුටට පත්වූයේ ද, ගුරුවරියන්ගෙන් අප දොස් ඇසුවාද කියා මට මේ වෙද්දී මතක නැත. එහෙත් ඒ දවස ගැන විසි වසරකට පසුවත් මතකයේ තිබෙන්නේ මේ ගීතයයි. එදා මෙන්ම අදත් එහි පද කට පාඩම් ය. එදා අප මේ ගීය ගයද්දී සභාවෙන් 'හ්ම්' හඬක් නෑසිණි. ගීතය නිම වූ විට වරුවක් තිස්සේ අත්පොලසන් නාදයක් ඇසිණි.

මවගෙන් ඈත් වී යන්නට සිදුවූ දියණියක් ගැන මෙහි නීලා ගයන්නීය. දියණිය යළි එනතුරු මවගේ තනි රකින්න යැයි ඈ සියොතුන් ගෙන් ඉල්ලයි. හීනෙන් හැමදාමත් ඈ අම්මා ළඟම බව පවසයි. මේ පද වැල් එදා අප ජීවිත වලට එක එල්ලේ බලනොපෑව ද ඒ වෙද්දී පාසැල් දිවියේ අවසන් මාස කීපය ගත කරමින් උන් අපි, වෙන්වීම් වල සේයා දකිමින් උන්නෙමු.  පාසැල සමඟම අතැර යන්නේ සොඳුරු ළමා කාලය බවත්, ඉතින් මෙතැනින් නික්මී පිවිසෙන ලෝකය සොඳුරු ම, සුභ ම නොවන බවත්  අප දැන සිටියෙමු. පාසැල වට කළ පවුරු හතරෙන් එපිටට ඉගිලීමේ තදබල ආසාවත්, නිම් නැති බියත් එක ලෙස අප හදවත් වසා පැතිරී තිබිණි. එදා, වේදිකාව මතින් ඇසුණේ අපගේ ඒ සුසුමේ ත් සිනහවේත් හඬයි.

ලා ඉරෙන් ඉල්ලා රම්‍ය ගී මාලා
සීතලේ පින්නේ පීදිලා
මාලතී සේනා, මල් ලන්දේ, ගම් මැද්දේ
තාම මට සුවඳයි සේ එදා

මාල ගිරවුන්නේ අතු පතරේ සැංගී
බාල වසු පැටියෝ නාඬන්නේ
නීල නල රැල්ලේ මුතුලැල්ලේ පාවෙලා
මා කෙසේ ඉම්දෝ ඉතින් අනේ

අම්මේ, ඔබේ තුරුලෙන් වෙන් වෙලා
යන්නේ සිත ඔබ ළඟ රඳවලා
මා, රෑ සිහිනෙන් සෑමදා
ගං පියසේ ගී ගයා
ඔබ නින්දෙන් ඇහැරවා
සැඟවී යන්නේ

නාඬන් දූ ගැන කඳුළැල් සලා
හීනෙන් ඈ ඔබ ළඟමයි සදා
මා එනතුරු හෙට ගම් බලා
අම්මා ඇත මඟ බලා
සියොතුන් නොරැඳී කැලේ
ඈ සනහන්නේ

පද- ගාමිණි විජේතුංග
තනු- නිමල් මෙන්ඩිස්
හඬ- නීලා වික්‍රමසිංහ




June 21, 2016

දුරකථන ඇමතුම






















































The Phone Call - Yich Devendra

The past does find its way back through telephone wires,
across lands and sea into jet streams
When you hear a dog bark in between her sad tales of solitary supper and arthritis,
spaced with pleas—"Come back"
The past springs surprisingly-Like the crow of a rooster
At high Noon—in another land where it is already tomorrow,
And here, I am still yesterday, getting ready for bed
Head full of winter planning in rumpled pyjamas
Was it real?
The old dog's bark, the sound of breakfast and the smell of old laments
The bell at the gate.
"HANG ON" she says "THERE'S SOMEONE OUTSIDE"
Is she still waiting for his return? Or mine?
The dark truths, not dealt with, slither back as silently as a viper in the fool moon
Its pouch full of venom startling the unsuspecting foot
The world we make is never memory proof,
Even the deleted parts
Like believing we are loved
Squeeze themselves through the wires
Disguised as long distance telephony
Just clotting memories of blood and tears and her solitary sadness,
As fragile as mist on a goose wing—as
Luminous as longing.


'The Phone Call' received an award at the Cambridge Libraries Poetry Month awards in April 2010, in Cambridge- Ontario, Canada.

දිනමිණ වසත් සුළඟ අතිරේකය- 21/06/2016

දුරකථන ඇමතුම



















































The Phone Call - Yich Devendra

The past does find its way back through telephone wires,
across lands and sea into jet streams
When you hear a dog bark in between her sad tales of solitary supper and arthritis,
spaced with pleas—"Come back"
The past springs surprisingly-Like the crow of a rooster
At high Noon—in another land where it is already tomorrow,
And here, I am still yesterday, getting ready for bed
Head full of winter planning in rumpled pyjamas
Was it real?
The old dog's bark, the sound of breakfast and the smell of old laments
The bell at the gate.
"HANG ON" she says "THERE'S SOMEONE OUTSIDE"
Is she still waiting for his return? Or mine?
The dark truths, not dealt with, slither back as silently as a viper in the fool moon
Its pouch full of venom startling the unsuspecting foot
The world we make is never memory proof,
Even the deleted parts
Like believing we are loved
Squeeze themselves through the wires
Disguised as long distance telephony
Just clotting memories of blood and tears and her solitary sadness,
As fragile as mist on a goose wing—as
Luminous as longing.


'The Phone Call' received an award at the Cambridge Libraries Poetry Month awards in April 2010, in Cambridge- Ontario, Canada.

දිනමිණ වසත් සුළඟ අතිරේකය- 21/06/2016

June 16, 2016

කිසිවෙක් මා හට ගී ගයයි| දයාන් විතාරණ


කිසිවෙක් මා හට ගී ගයයි
මම නිදමි, මම නිදමි
සසර සයුර මත සිහින නැවක් තුළ
දුක සැප රැළි මත නගිමින්, බසිමින් ගලා බසී

නොමියෙන සෙනෙහස දෙනෙත පුරාගෙන
ආසිරි පැතුමෙන් අත්ල පුරාගෙන 
කිසිවෙක් මගේ හිස ඇකයේ හොවාගෙන
හිස පිරිමැද සනහයි
මම නිදමි, මම නිදමි

මගේ ජීවිතය කරදිය දහරක්
මගේ ජීවිතය රුදු විස බඳුනක්
කිසිවෙක් එය සිය මධුරස්වරයෙන්
මධුමය කර ​වස්වයි 
මම නිදමි, මම නිදමි

දයාන් විතාරණ | යශෝධා විමලධර්ම| රෝහණ වීරසිංහ



ඇසූ පමණින් පෙමින් බැඳෙන ගීත ජීවිතයට ලැබෙන්නේ කළාතුරකිනි. මේ ගීතය ඇසෙද්දී සිත පහුරු ගාන්නේ ශෝකයත් සතුටත් මුසු වූ තනිකමකි. දයාන් ගේ ලබැඳි කටහඬ නිසා ඒ සීරුම තවත් රිදුම් දේ. නින්දත් සුව නින්දත් වෙනස් බව කවුදෝ කියනු මතක ය. නින්දකට සුවයක් එක් කරන්නා සේ දිවියකට මධුර බවක් එක් කරන්නට කිසිවෙකුට නොහැකි ද? ඉතින්... මම නිදමි.

නින්ද බොහෝ දුර විට
එන්න සුසුමක් මිටි කර
නිමා කරලනු බැරිවූ 
දහසක් කතා කීමට

මුදුව හිස පිරිමැද
දැවටෙන්න ගීයක් ලෙස
විසැති දිවි බඳුනට
මිහිරි රසයක් මුහු කර









June 14, 2016

නැගණියට


























For my Sister
---------------
I am remembering
an old photograph that brought tears
long ago because of separation
and grief gropes it way back
Here and everywhere there are oceans
but no ships
sky but no planes
that will carry you to me
So I pray
at my self made
god shaped hole in the universe
Save and protect her
wrap and engulf her
from madmen and mayhem
in paradise gone wild

-Yich Devendra


දිනමිණ වසත් සුළඟ අතිරේකය- 14/06/2016



June 12, 2016

winter days

ඉර එළිය ඉහිරෙන්න පමා වූ
සිසිරයේ මුරණ්ඩු ම උදාවක
අළු පාට මීදුමෙන් පෙරී එයි
නමක් නැති විහඟකුගේ සතුටු හඬ

තවම නින්දෙන් නොමිදි දෑස් ඇර
කොපුල දී සීතලම කවුළුවට
හද තැවරි මතකයක සැරිසරමි
'නාඬන්න!' මිමිණු හඬ යළි අසමි




June 10, 2016

වැහි දවස්

වැහි රළක් ඇදහැලෙන 
අඳුරු හවසක වුව
එළිබිඳක් ඉඟි පායි 
දිය කඩිති මතුපිට
කබායක් රත් පැහැති 
වැහි අඳුර මැද 
බොහෝ දුරක් ඇදී යයි 
සිනහා අරගෙන 

picture drawn with MS Paint.






June 08, 2016

June musings


today, 
is a hot chocolate day... 

kettle, self-important 
fogging up the panes 
pear trees -far 
vivid in their mustard 
raindrops frantic 
on a slanted race

today, 
is a hot chocolate day... 

a day to curl up 
under a faded purple quilt 
reading-not reading 
Coetzee's 'Disgrace' 
wondering idly 
'where did the years go?'

pic- Camberwell, Melb

June 05, 2016

මිමිණුම්






















බොහෝ දුර යන ගමනක
නතරවී එක බිඳකට
සඳක් කවියක් මුමුණයි
රත් පැහැති ලා දළුවට

ලොවම නිදි ගත් මොහොතක
දෑත් විහිදා අඳුරට
දැනී නොදැනී සැඟවෙයි
සෙනෙහසක මුදු නල රළ

photo- the moon from my door